• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැලිබන් බිස්කට්, දශක 7ක ගුණාත්මක බවින් යුතු විශිෂ්ටත්වය සමඟින් ලෝක තත්ත්ව සතිය සැමරීමට එක්වෙයි

14 November 2023
in දේශීය
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලාංකීය බිස්කට් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමඛතම සමාගමක් වන මැලිබන් සමාගම, දශක හතකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකීය ජනතාවගේ ගෘහස්ථ සන්නාමයක් ලෙස ඉහළ විශ්වාසයක් හිමිකර ගත් නිෂ්පාදන සන්නාමයකි.

තවද මෙම ආයතනය මඟින් ඉහළම තත්වයේ අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණික ක‍්‍රමවේද ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ පෝෂණය වෙනුවෙන් ගුණාත්මක තත්වයේ නව්‍ය නිෂ්පාදන රැසක්ද හඳුන්වා දීමට සමත්ව ඇත. 1954 වසරේ දී මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ. ජී. හින්නි අප්පුහාමි මහතාගේ දැක්ම ඔස්සේ, ගුණාත්මක බව සිය දර්ශනය” කරගත් මැලිබන් ආයතනය, දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙමින්, අන්තර්ජාතික තලයේ ශ‍්‍රී ලාංකීය නාමයට එක්කර ඇත්තේ සුවිශේෂ වූ ජයග‍්‍රහණ රැසකි.

ආරම්භයේ සිට මැලිබන් ආයතනය උසස් නිෂ්පාදන ක‍්‍රියාවලියක් පවත්වා ගැනීම කෙරෙහි මූලික අවධානයක් යොමු කරනු ලැබූ අතර, 1995 වසරේ දී පළමු වරට ගුණාත්මකභාවය පිළිබඳ ප‍්‍රමිති සහතික ලබාදීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධතියෙන් ප‍්‍රමිති සහතිකයක් ලබාගත් පළමුවන නිෂ්පාදන ආයතනය බවට ද පත්විය. මෙයට අමතරව පළමු වරට ජාතික තත්ත්ව සම්මානය ලබා ගත් ප‍්‍රථම ආහාර සමාගම බවට ද මැලිබන් සමාගම පත් වූ අතර, 1996, 2010, 2015 සහ 2020 වසර වලදී ජාතික ප‍්‍රමිති සම්මානය දිනා ගැනීමට ද සමත් විය. මෙම සියළු ජයග‍්‍රහණ තුළින් මැලිබන් ආයතනය සිය ගුණාත්මක තත්ත්වය අඛණ්ඩව සමාජය තුළ තහවුරු කිරීමට සමත්ව ඇත.

මැලිබන් නිෂ්පාදනයන්ගේ ගුණාත්මක තත්වය පිළිබඳව සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා ප‍්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්වීය. ”දශක ගණනාවක් පුරා මැලිබන් සන්නාමයක් විදිහට ජනතාවගේ හදවත් තුළ තිබෙන්න ප‍්‍රධානම හේතුව තමයි නිෂ්පාදනයක් විදිහට අඛණ්ඩ විශ්වාසයක් තැබීමට අපට හැකිවීම. මේ නිසාම අපිට ජනතාවගේ විවිද අවශ්‍යතා සඳහා ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදන හඳුන්වා දීමට හැකිවුනා. මේ නිෂ්පාදන රසයෙන් වගේම ගුණයෙන්ද ඉහළ තලයක රඳවා ගැනීමට හැකිවීම මැලිබන් නිෂ්පාදන වල තිබෙන විශේෂත්ව වෙනවා. ආරම්භයේ සිටම ගුණාත්මක බව නිෂ්පාදනයන්ගේ හරය කරගත් මැලිබන් නිෂ්පාදන, අද වන විට රටවල් ගණනාවක ව්‍යාප්ත කිරීමට මූලිකම හේතුව වන්නේත් ඉහළ ප‍්‍රමිතියකින් යුතු ගුණාත්මක බවයි.’’

මෙහිදී මැලිබන් ආයතනයේ තත්ත්ව කළමනාකරණ සහ පර්යේෂණ හා සංවර්ධන සාමාන්‍යාධිකාරී වර්ණා ප‍්‍රනාන්දු මහත්මිය, අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ ”ගුණාත්මකභාවය සහ මැලිබන් සන්නාමය කියන්නේ එකිනෙක හා බැඳී තිබෙන තත්වයක්. විශේෂයෙන් මැලිබන් ආයතනය විදිහට ආරම්භයේ සිටම වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ අපේ නිෂ්පාදනවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. මේ නිසා ආයතනයක් විදිහට අපි අපේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව වර්ධනය සඳහා විශාල ආයොජන රැසක් සිදුකර තිබෙනවා. එයින් අපට ජයග‍්‍රහණ රැසක් ලබාගැනීමට හැකිවී තිබෙනවා. මේ සෑම කාර්යයකම අවසන් අරමුණ වෙන්නේ අපේ පාරිභෝගිකයින් හට ඉහළ ප‍්‍රමිතියකින් යුතු නිෂ්පාදන ලබාදීමයි. මේ නිසා ගුණාත්මක බව මැලිබන් ආයතනයට අලූත් දෙයක් නොවේ. ඒක අපේ මූලික හරය යි. ඒ වෙනුවෙන් අඛණ්ඩව කැපවීම අපේ වගකීමයි.”

සිය නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් නොනැවතී, ආචාරශීලී සහ උසස් සේවාවක් සැපයීම තුළින් ලාංකීය ජාතිය වෙත සුවිසල් සේවාවක් කිරීමට කැප වූ මැලිබන් සමාගම, අඛණ්ඩව වසර 3ක් ආසියා පැසිපික් තත්ත්ව සංවිධානය (APQO) මගින් ප‍්‍රදානය කරන ගෝලීය කාර්ය සාධන විශිෂ්ඨතා ලෝක මට්ටමේ සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂී කරුණකි. තවද මැලිබන් සමාගම විසින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ඔස්සේ ආහාර සුරක්ෂිතතාවය, පරිසරය, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව වැනි අංශයන් වලට අදාළ ජාත්‍යන්තර තත්ත්වය කළමනාකරණ පද්ධති කිහිපයක්ම ක‍්‍රියාත්මක කිරීමට යොමු විය.

දේශීය හා විදේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රටවල් 40 කට අධික සංඛ්‍යාවක සිය නිෂ්පාදන බෙදා හැරීමට මැලිබන් සමාගම මේ වන විට කටයුතු කරනු ලබන අතර, එමගින් දේශීය නාමය ජාත්‍යන්තර තලය තුළ ඉහළ කීරත්තියක් අත් කර දීමට සමත්ව ඇත.

පිටපත – PR

Post Views: 27
Previous Post

රනිල් දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් – මන්ත්‍රී වජිර

Next Post

ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීමට නව අවස්ථා ඇතිකරන්න – අගමැති

editor

editor

Next Post

ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීමට නව අවස්ථා ඇතිකරන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved