• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ට සහාය නොදුන්නොත් වන්දි ගෙවන්න වෙන්නේ 225 දෙනාටයි – මන්ත්‍රී වජිර

22 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බාර අරගෙන තිබෙන අභියෝගයට සියලු කොමිෂන් සභා, සියලු ආයතන පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් එසේ ක්‍රියා නොකළොත් ඒකට වන්දි ගෙවන්නෙ මේ සභාවේ ඉන්න 225 දෙනා බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ගරු නියෝජ්‍ය කථානායක තුමනි,

විශේෂයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම උපරමාධිකරණවල විනිශ්චයකාරවරු ඇතුළුව ආයතන 25 ක් සඳහන් වෙනවා. මේ ආයතන 25 ගැනම කරුණු කියන්න බැහැ. නමුත් වැදගත් කාරණා කිහිපයක් මේ සභාවේ අවධානයට යොමුකරන්න මම කැමතියි.

විශේෂයෙන් ජනාධිපති ක්‍රමය 1978 මේ රටේ ඇති කළාට පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අවුරුදු 10 යි මාස 10 ක් මේ රට පාලනය කරලා තියෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අවුරුදු 04 යි මාස 03 ක් මේ රට පාලනය කරලා තිබෙනවා. ඒ වගේම ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා අවුරුද්දයි මාස 06 ක් මේ රට පාලනය කරලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය අවුරුදු 11 ක් මේ රට පාලනය කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 09 යි මාස 02 ක් මේ රට පාලනය කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු 04 යි මාස 10 ක් මේ රට පාලනය කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 02 යි මාස 07 ක් මේ රට පාලනය කරලා තිබෙනවා. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුද්දයි මාස 04 ක් මේ වෙනකොට මේ රට පාලනය කරලා තිබෙනවා.

ඇත්තවශයෙන්ම ඒ පාලනය කළ හැම ජනාධිපතිවරයෙකුටම අපි ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද දෙස් විදෙස් සියලු බලවේග පාලනය කරගනිමින් ශ්‍රී ලංකාව කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන අභියෝගයට මේ හැම නායකයෙක්ම මුහුණු දීලා තිබෙනවා.

අපේ රට පාලනය කළ සෑම නායකයෙක්ටම අකල් මරණවලට ගොදුරු වීමට හෝ ගොදුරු වී බේරීමට සිදුවෙලා තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට මේ පාර්ලිමේන්තුව ඇතුලේම බෝම්බයක් දමා ගසන්නේ මැරෙන්න. හැබැයි එතුමාගේ දෙපැත්තේ සිටිය වෙනත් අය මැරිලා එතුමා ජීවිතය බේරගන්නවා. අනිත් සියලුම ජනාධිපතිවරුන්ටත් ඒ තර්ජනය තිබුණා. මේක තමයි යතාර්තය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්ත අභියෝගය ඊට වඩා ගොඩක් වෙනස්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්තේ බංකොලොත් වූ රටක්. මේ සභාවේ ඉන්න මහජන නියෝජිතයන් 134 දෙනා එකතු වෙලා වර්තමාන ජනාධිපතිතුමන්ට බංකොලොත් වූ රටක් බාරදුන්නා. ඒ වගේම එතුමා ඓතිහාසික කාර්යය භාරයක් අවුරුද්දයි මාස 4 ක් ඇතුලත ඉටු කර තිබෙනවා.

එකක් බංකොලොත් වූ රට දැන් බංකොලොත් භාවයෙන් ගළවමින් තිබෙනවා. බංකොලොත් වී තිබුණු අවස්ථාවේදී තමයි මේ රටේ අද අය වැයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අය වැයටවත් අපේ මහජන නියෝජිතයින් එකඟතාවයට එන බවක් පේන්නට නැහැ.

ඉතාම නරක තැනක රට තිබෙන අවස්ථාවක අවුරුදු 55 ක පමණ පළපුරුද්දක් තිබුණු ජනාධිපතිතුමා මේ අභියෝගය බාර අරගෙන අය වැයක් ඉදිරිපත් කරලා විදුලිය නොතිබුණු රටේ විදුලිය දෙන ගමන්, පෙට්‍රල් නැති රටේ පෙට්‍රල් දෙන ගමන්, ඩීසල් නැති රටේ ඩීසල් දෙන ගමන්, ගෑස් නැති රටේ ගෑස් දෙන ගමන් මේවායේ මිලත් අඩු කරන්න උත්සාහ ගනිමින් රට ඉදිරියට ගෙනයනවා. මේ ගමනේ මං හිතනවා මෙතෙක් අපේ රට පාලනය කළ ජනාධිපතිවරු සියලු දෙනාටම වැඩිය ඉතාමත් භයානක අභියෝගයක් බාරගත්ත ජනාධිපති වරයෙක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.

ඇත්තවශයෙන් එතුමාට ජාතියේ ගෞරවය සියලු දේශපාලන පක්ෂවලින් හිමි වෙන්න ඕන. එවැනි අවස්තාවක මේ රට සුවපත් කරමින්, යථාතත්වයට පත් කරමින්, වැටුප් වැඩි කරමින්, අනිත් දේවල් වෙනස් කරමින්, අපේ තිබෙන ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ තිබෙන ස්වාධීනත්වයන් ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙනයාම අමාරු වැඩක්.

විශේෂයෙන් මේ කොමිෂන් සභාවල ඉන්න සියලුදෙනාට සුවිශේෂ වගකීමක් තිබෙනවා. දැන් මං දැක්කා විවිධ අපේ මහජන නියෝජිතයන් ඒ ගැන මතක් කළා. විශේෂයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, මේ කොමිෂන් සභා අපි පිහිටුවලා තිබෙන්නේ රටේ සහ රජයේ කර්තව්‍ය අකර්මණ්‍ය කිරීම සඳහා නොවේ. දැනට තිබෙන වේගයටත් වඩා වැඩි වේගයෙන් වැඩකටයුතු සිදුකරන්න.

මං හිතන්නෙ නෑ ඒක වේගයෙන් සිදුකරන්න පුලුවන් කියලා. රාජ්‍ය සේවයේ ලක්ෂ 13 ක්, විශ්‍රාමිකයන් ලක්ෂ 7 ½ ක්, මේ දෙපාර්ශවයේ විශ්‍රාම යන්න ආසන්න කෙනෙකුගේ විනය පරීක්ෂණයක් තිබුණොත් ඒ විනය පරීක්ෂණයේ අවසන් තීරණය දෙන්න තව අවුරුදු 5 ක් විතර යනවා. ඇතැම් විශ්‍රාමිකයන් මේ වනවිට මිය ගිහිල්ලා තිබේවී.

මේ කොමිෂන් සභාවලට අපි දන්නවා, ප්‍රශ්න තිබෙනවා. කොමිෂන් සභාවලට එක පැත්තකින් පහසුකම් නෑ කියයි. පහසුකම් නැතිනම් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසන් තීරණය සමඟ ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් කොමිෂන් සභා සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ, මේ ව්‍යවස්ථාවේ උප ලේඛනයේ සඳහන් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය. එහෙනම් මේ කොමිෂන් සභාවල ඉන්න අය පිළිතුරු දීමට බැඳී යුත්තේය. එතකොට මේ කොමිෂන් සභා වෙන විදියකට මේ රටේ ක්‍රියාකරනවා නම් ඒක රාජ්‍ය යාන්ත්‍රණයට සිදුකරන බරපතල ඛේදවාචකයක්.

මම මේ ගැන දරන මතය වෙනස්. මම 2001 ලංකාවේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා. ඒ අවස්ථාවේ සිට මම දරන පුද්ගලික මතය වෙනස්, පක්ෂයේ මතය වෙනස්, ස්වාධීන කියලා එකක් ලෝකයේ නැහැ. ස්වාධීන කියලා කියන්නෙම ලෝකයේ කොන්ද පණ නැතිි මිනිසුන්ගේ ව්‍යාපාරයක්. හැබැයි ඒකත් අද ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් හැටියට එකතු කරලා තිබෙනවා. එකක් ආණ්ඩුව, එකක් විරුද්ධ පක්ෂය, විරුද්ධ පක්ෂය නියෝජනය කරන්න ඊළඟට එළියෙ ඉන්න කණ්ඩායම්වලට අවස්ථාව සළසලා තිබෙනවා තම තමන්ගේ අදහස් ඇතුලත් කරන්න.

ඒකෙන් කියන්නෙ නැහැ රට පාලනය කිරීමේ අවස්ථාව ඒ අයට හිමි වෙනවා කියලා. රට පාලනය කිරීම ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් කළ යුතුයි. හැබැයි ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් කරන අතරට අවස්ථාව දීලා තිබෙනවා අර කිසිම නියෝජනයක් ලබා ගත නොහැකි ස්වාධීන යැයි හිතන කණ්ඩායම්වල මතය ආරක්ෂා කිරීම සඳහා. හැබැයි ඒ ආරක්ෂා කිරීමේ මතය කවුරුහරි හිතනවා නම් ඒක තමයි සුපිරි බලය කියලා මං හිතනවා ඒක පොඩි වැරදීමක්.

මේ නිසා සියලු රජයන්ට බරපතල ප්‍රශ්න මතුවෙලා තිබුණා. කවුරු පාලනය කළත් පාලනය කරන ආණ්ඩුවට මේක බරපතල ඛේදවාචකයක්, බරපතල ප්‍රශ්නයක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අපි 377 ක් කරලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිළධාරීන්ගේ උසස්වීම් මාරු කිරීම් සියල්ලම තිබෙන්නේ මේ ආයතනයට. එතකොට මේ ආයතනය නම් ඒ සියල්ල අතේ තියාගෙන හසුරුවන්න හදන්නේ ඒකෙන් වෙන හානියට වගකියන්නේ මහජන නියෝජිතයන්.

මොකද අපේ නඩු අහන විදිය වෙනස්. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හරි විරුද්ධ පක්ෂය හරි අපි 225 දෙනාගේ නඩු අහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන පරමාධිපත්‍ය අනුව, මහජන පරමාධිපත්‍ය අනුව අවුරුදු 5 කට සැරයක් අපේ නඩු අහනවා. මහජනයා අහලා එක්කෝ අපිව සමත් කරනවා, එක්කෝ අපිව අසමත් කරනවා. ඒක තමයි අපේ නඩු අහන විදිය. රාජ්‍ය සේවකයන්ගේ නඩු අහන විදිය වෙනස්, ඒගොල්ලන්ගේ තියෙනවා ආයතන සංග්‍රහය. ආයතන සංග්‍රහය අනුව නඩු අහනවා Interdict වෙනවා, Dismissed වෙනවා, සේවයේ පිහිටුවනවා, ඒක තව ක්‍රියාදාමයක්. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින කවුරු ආණ්ඩු කළත්, කවුරු පාලනය කළත් මේ කොමිෂන් සභා හරහා තිබෙන හානිය නිසා මහජන නියෝජිතයන්ට ඇතිවන හානිය වළක්වන්න ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.

එහෙම නැතිවුණොත් වෙන්නෙ ඔබතුමා නියෝජ්‍ය කථානායකතුමා හැටියට හරි, රාජ්‍ය සේවා කොමිෂම විදිහට හරි වගකියන්නෙ නෑ මහජනයාට. රාජ්‍ය සේවා කොමිෂම නෙමෙයි වගකියන්නේ, මහජන නියෝජිතයන්. එතකොට රාජ්‍ය සේවා කොමිෂම පමණක් නොවේ අනෙක් සෑම කොමිෂන් සභාවක්ම මේ ගැන පැහැදිළි අවබෝධයකින් යුතුව රටේ ක්‍රියාකළ යුතුයි. එහෙම ක්‍රියා නොකළොත් රට පාලනය කරන්නේ කවුරු වුණත්, ඒ හානිය සිදුවන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට.

ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි,

විශේෂයෙන් ජනාධිපති අරමුදල සුවිශේෂ කාර්යය භාරයක් මේ අවුරුදු 2 ඇතුලත සිදුකරමින් යනවා. 11000 කට ආසන්න ඉල්ලුම්පත්‍ර ප්‍රමාණයක් අවසන් කරමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂ අවධානය යොමුකරලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයා, ඒ වගේම එහි ලේකම් සරත් මහත්තයා ඇතුළු කණ්ඩායම සිදුකරමින් යනවා. සෞඛ්‍ය හේතූන් මත ඉල්ලුම්පත්‍ර 11000 ක් පමණ ගොඩගැසි තිබුණා. ඒ සියල්ල අවසන් කරමින් විශේෂ කාර්යය භාරයක් මේ ජනාධිපති අරමුදලත් කරගෙන යනවා.

ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි. මම ජනාධිපතිවරු සියලු දෙනා ගැනම මතක් කළේ. ඒ මතක් කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා බාර අරගෙන තිබෙන අභියෝගයට සියලු කොමිෂන් සභා, සියලු ආයතන පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. එසේ ක්‍රියා නොකළොත් ඒකට වන්දි ගෙවන්නෙ ඒ කණ්ඩායම නොවේ, ඒකට වන්දි ගෙවන්නේ මේ සභාවේ ඉන්න 225 දෙනා. ඒකට ඉඩ තියන්නෙ නැතුව ක්‍රිියාකිරීම වැදගත් බව මතක් කරමින් කාලය ලබා දීම පිළිබඳව ස්තූති කරමින් මා නිහඬ වෙනවා. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 6
Previous Post

රටේ වියදම් රාජපක්ෂවරුන්ට බැර කරලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Next Post

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටළු පිළිබදව සෞඛ්‍ය ඇමැතිගේ අවධානය

editor

editor

Next Post

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටළු පිළිබදව සෞඛ්‍ය ඇමැතිගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved