‘ජාතික භෞතික සැලැස්ම’ පළාත් මට්ටමින් සැකසීමට තීරණය කර ඇති අතර ඒ ඒ පළාත්වලට ආවේණික තත්ත්වයන් හදුනාගෙන ඊට ගැලපෙන පරිදි සංවර්ධන කටයුතු යාවත්කාලීන කිරීම මෙහි අරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා කියා සිටින්නේ නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල පළාත් ජාතික භෞතික සැලැස්ම සැකසීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බවයි. එසේම එය කඩිනමින් අවසන් කිරීමට නියමිත බව හෙතෙම පැවසිය. එමෙන්ම ඌව පළාත් ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සකස් කිරීමට නියමිත බවද ඇමතිවරයා සදහන් කලේය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් “ජාතික භෞතික සැලැස්ම” සකස් කර තිබේ. ඒ 2000 අංක 49 දරණ පනතින් සංශෝධිත, 1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ප්‍රකාරවයි. මෙම සැලැස්ම 2048 වසර සදහා ක්‍රියාත්මකයි. පළාත් මට්ටමින් ජාතික භෞතික සැලසුම් සකස් කෙරෙන්නේ මෙම ‘ජාතික භෞතික සැලැස්ම’ පාදක කර ගනිමිනුයි.
මෙරට ප්‍රථමයෙන්ම ජාතික භෞතික සැලැස්මක් සකස් කර ඇත්තේ 2007 වසරේදීය. පසුව 2019 වසරේදී එය යාවත්කාලීන කර තිබේ. විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් “ජාතික භෞතික සැලැස්ම – 2048” සකස් කර ඇත. “සැලසුම්ගත තිරසාර සෞභාග්‍යමත් දේශයක්” යන්න මෙහි තේමාවයි.
මෙම ජාතික භෞතික සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. මේ වන විට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මෙම සැලසුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු 13කට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, හම්බන්තොට, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, මොනරාගල, කිළිනොච්චිය, අම්පාර, මඩකලපුව සහ බදුල්ලයි.
අනෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සදහාද කඩිනමින් ජාතික භෞතික සැලසුම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට නියමිත බව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහිදී ඉදිරිපත් වන යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් අනතුරුව ජාතික භෞතික සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කරයි.
ඉන් අනතුරුව ජාතික භෞතික සැලැස්ම පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවට ද ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.
අමාත්‍යවරයා පවසන්නේ රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන ලෙස සංවර්ධනය සිදුකිරීමට සහ සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා මෙලෙස පළාත් මට්ටමින් ජාතික භෞතික සැලැසුම් සකස් කිරීම ඉතා වැදගත් වනු ඇති බවයි.
රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නාගරික සංවර්ධනය, මහාමාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ප්‍රවාහන ආදී සියලුම සංවර්ධන ක්‍රියාදාමයන් ජාතික භෞතික සැලැස්මේ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ අනුව සිදුකිරීම තුලින් රට මුහුණ දී තිබෙන ගැටළු රැසකට විසදුම් ලබා ගත හැකි වේ.