රටවල් 06ක තානාපතිවරු අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මෙම හමුවට පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno මහතා, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam මහතා, සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝ සහභාගි වී ඇත.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන මහත්වරුන් සහභාගි වූහ.