• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උරුමය වැඩසටහනට හැමෝගේම සහාය අවශ්‍යයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

5 April 2024
in දේශීය, පුවත්
උරුමය වැඩසටහනට හැමෝගේම සහාය අවශ්‍යයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු අස්වැසුම, උරුමය සහ කඳුරට දශකය ඇතුළු වැඩසටහන්වල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ ද සහාය අවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 2024 අයවැය මඟින් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කෙරුණු උරුමය, අස්වැසුම සහ කඳුරට දශකය වැඩසටහන් පිළිබඳ දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය මඟින් මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර ඉදිරියේ දී මෙය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා රට සහ ජනතාව වෙනුවෙන් මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට එක්වන ලෙස මෙහිදි සියලුදෙනාගෙන් ඉල්ලා සිටි සමන් රත්නප්‍රිය මහතා රටේත්, ජනතාවගේත් ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා ” ප්‍රධාන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ බව අප දන්නවා. එම වැඩසටහන් අද රට තුළ සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. එම ප්‍රධාන වැඩසටහන් අතරින් උරුමය, අස්වැසුම සහ කදුරට දශකය පිළිබඳ ඔබ දැනුවත් කිරීමට අප සිතුවා. අප මෙම වැඩසටහන් තුන තෝරාගනු ලැබුවේ මෙම වැඩසටහන් රටේ ජනතාවට ඉතා බරපතළ ලෙස බලපාන වැඩසටහන් නිසායි. උරුමය වැඩසටහන යටතේ මේ රටේ ඉඩම් අහිමි ජනතාවට සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ 20ක ජනතාවට එම ප්‍රතිලාභය ලැබෙනවා. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී නැහැ. උරුමය වැඩසටනේ පළමු අදියර යටතේ මේ වන විට 10,000කට ඉඩම් ඔප්පු ලබාදී තිබෙන අතර ඉතිරි පිරිසටද කඩිනමින් එම ඉඩම් අයිතිය ලබාදිමට රජය සැලසුම් කර තිබෙනවා. මේ සඳහා රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද සහාය අපට අවශ්‍ය වෙනවා. උරුමය, අස්වැසුම සහ කඳුරට දශකය කියන මෙම වැඩසටහන් ත්‍රිත්වයම ක්‍රියාත්මක කිරීමට මහජන පෙළඹවීමක් අවශ්‍යයි. එම මහජන පෙළඹීම නොමැතිව මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට අසීරුයි. ඒ වගේම මේ පිළිබඳ ජනතාව දැනුවත් කළයුතුයි. ඒ සඳහා දේශපාලන ක්‍රියාකාරින්ගේ සහාය අත්‍යවශ්‍යයි. ජනාධිපතිතුමාගේ සංකල්පය ක්‍රියාත්මක කළ හැකි වන්නේ එම සහාය මතයි. ඒ වගේම අස්වැසුම වැඩසටහන අද ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය යටතේ උපරිමයෙන් ලැබුනේ රුපියල් 8000ක් වැනි මුදලක්. නමුත් අස්වැසුම වැඩසටහන හරහා රුපියල් 15,000ක උපරිමයකට යටත්ව ජනතාවට ප්‍රතිලාභ හිමි වෙනවා. පසුගිය ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව අතර දිළිදුකම වැඩි වුණා. රැකියා අහිමි වූ ප්‍රමාණය පමණක් ලක්ෂ 05 ක් වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ රජයේ වගකීම හඳුනාගනිමින් අස්වැසුම ක්‍රියාත්මක කිරිමට රජය කටයුතු කළා. නමුත් අස්වැසුම හෝ සමෘද්ධිය අඛණ්ඩව ලබාදිමේ අදහසක් ජනාධිපතිවරයාට නැහැ. එම ජනතාව ආර්ථික වශයෙන් බලගන්වා ඇති හැකි අය බවට එනම් ස්ව ශක්තියෙන් නැගි සිටිය හැකි පිරිසක් බවට පත් කිරීම මෙම වැඩසටනේ අවසන් ඉලක්කයි. එසේනම් එම ඉලක්කය ජයග්‍රහණය කරවීමට අප මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කළයුතුයි. ඒ වගේම කඳුරට දශකය දිස්ත්‍රික්ක 10ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක 10 මූලික කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක් පුරා අඛණ්ඩව වසර 10ක වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා. කඳුරට දශකය වැඩසටහන මෙම වසරේදී ආරම්භ කෙරෙන අතර සෞඛ්‍ය, පානීය ජලය, සනීපාරක්ෂක, මාර්ග ඇතුළු විෂයයන් 10ක් මුල් කරගනිමින් ආධාර ලබාදීම සිදු කෙරෙනවා. මේ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමේ වගකීම අප සියලුදෙනාටම පැවරෙනවා. පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරව ජනාධිපතිතුමාගේ මෙම සංකල්පය රටට වැඩදායි ලෙස ක්‍රියාත්මක කරමින් එහි උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීම අප සියලුදෙනාගේ වගකීමක් වන බව කිව යුතු යැයි අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,550
Previous Post

රටේ ජාතිවාදය පරාජය කර, ජාතික සමඟිය ඇති කල යුතුයි – ජාතික ජන බලවේගයේ නායක අනුර

Next Post

අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ ක්‍රීඩා ඇතුළත් තිබ්බොත් නීතිමය ක්‍රියාමාර්ග – ඇමැති විදුර

editor ttvnews

editor ttvnews

Next Post
පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර

අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ ක්‍රීඩා ඇතුළත් තිබ්බොත් නීතිමය ක්‍රියාමාර්ග - ඇමැති විදුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved