• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජවිපේ රට, ජාතියට කිසිදු යහපතක් කරලා නෑ – සුගීෂ්වර බණ්ඩාර

20 May 2024
in දේශීය, පුවත්
ජවිපේ රට, ජාතියට කිසිදු යහපතක් කරලා නෑ – සුගීෂ්වර බණ්ඩාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජවිපෙ රට, ජාතියට යහපතක් වෙන දෙයක් සිදුකරලා තියෙනව ද, ඔවුන් හැමදාම කළේ උද්ඝෝෂණ, වර්ජන, විරෝධතා, පහරදීම්, තර්ජන, ඝාතනය කිරීම්, දේපළ විනාශ කිරීම් වැනි දේවල් බව සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “නොකළ යුත්තේ කුමක් ද” යන මැයෙන් සංවාදාත්මක නව කතිකාවක් “අලුතින් හිතමු, ජාතික සාමූහිකය” නමැති සංවිධානය මගින් ඊයේ (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැති සංවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මහතා ” ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනයක සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී විශේෂ අනාවරණයක් කළා. එතුමලත් මේ රටේ බලය ගත්ත දවසට ආර්ථිකය ගොඩදාන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්ව වැල්පාලමෙන්ම ගිහින් කියලා. එතුමලත් මේ වැල්පාලමෙන්ම ඉදිරියට යනවානම් අපි මොකටද තවත් අත්හදා බැලීම් කරන්න ජාතික ජන බලවේගයට රටේ බලය දෙන්නේ, තවත් අත්හදා බැලීම් කරමින් ඉන්න පුළුවන් අවස්ථාවක ද මේ රට තියෙන්නේ, එහෙනම් ජනතාව තීරණය කරන්න ඕනේ වැල් පාලමෙන් රට එතෙර කරන්න අලුත් අත්හදා බැලීම් කරලා රට නැවතත් අගාධයට ඇද දමනවා ද කියලා. අපට ඇහෙනවා වේදිකාවල සියලුම දෙනා කතා කරන්නේ වසර 75ක ශාපයක් ගැන, නමුත් මම කියන්නේ ශාපය වසර 75ක් නෙවෙයි. වසර 59ක ශාපයක් තමයි රටට වැදිලා තියෙන්නේ, එහෙම කියන්නේ 1965 රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ බිහිකරලීමත් සමග එදා සිටම ජවිපෙ රට, ජාතියට යහපතක් වෙන දෙයක් සිදුකරලා තියෙනව ද, ඔවුන් හැමදාම කළේ උද්ඝෝෂණ, වර්ජන, විරෝධතා, පහරදීම්, තර්ජන, ඝාතනය කිරීම්, දේපළ විනාශ කිරීම් වැනි දේවල්, රට සංවර්ධනය කෙරෙන කිසිම වැඩකට හොදක් කියලා තියෙනව ඔය කියන නායකයෝ, අන්න ඒ 59 අවුරුද්දක ශාපයෙන් මේ රටට වුණ පාඩුව කොතරම් ද කියලා බැලුවොත් ඕනෙ කෙනෙකුට ගණනය කරගන්න පුළුවන් ඔවුන් රටට කළ විනාශය, රටේ ඉදිරි ගමනට කළ බාධාව, හැබැයි දැන් වේදිකා හදාගෙන සුන්දර කතා කියමින් ජනතාව රවටාගෙන යනවා. විශේෂයෙන් සදහන් කළ යුතුයි මැයි 18 අපිට සුවිශේෂී දවසක්, වසර තිහක් තිස්සේ අපේ රණවිරුවෝ ජීවිත දහස් ගණනක් අහිමි කරගෙන, තවත් දස දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්වෙලා 2009 මැයි 18 වෙනිදා රුදුරු ත්‍රස්තවාදය අවසන් කරලා මේ අවුරුද්දට වසර 15ක්, අපි අභිමානයෙන් ඒ දිනය සමරනවා. මම නිකමට වගේ ඔය අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් මහත්වරුන්ගේ හරිනි අමරසූරිය මහත්මියගේ සමාජ මාධ්‍ය පිටුවලට ගිහිල්ලා බැලුවා ඔවුන් අභිමානයෙන් ඉල්මහ විරුවන් සැමරුවට මේ දවසේ අපේ රණවිරුවන් සමරලා තියෙන්නේ කොහොමද කියලා, කියන්න කණගාටුයි, ඔවුන් කිසිම කෙනෙකුට මැයි 18 අපේ අභීත රණවිරුවා මතක් වෙලා නෑ. හැබැයි හමුදාවේ හිටපු ජෙනරාල්ලා, බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා එකතු කරගෙන උජාරුවට හමුදා සාමූහික යැයි කියාගෙන රටවටේ රැස්වීම් පවත්වනවා. පුදුමේ කියන්නේ ඒ හමුදා නායකයන්ටවත් විජයග්‍රහණයේ දිනය මතක් වෙලා නෑ, එතකොට අනාගතයේ එනවා කියන ජාතික ජන බලවේග රජයක් යටතේ හමුදාවේ රණවිරුවන්ට අත්වෙන ඉරණම ගැන තවත් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැති බව සදහන් කළ යුතු යැයි සුගීෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා යැයි සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු, කතෝලික හා මුස්ලිම් පූජකවරුන්, බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම කතිකාවේ දී ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ජවිපෙ හිටපු පා.ම. එස්. අමරසිංහ, නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග , හිටපු රාජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.

Post Views: 28,497
Previous Post

අපේ ජාතිය අහිකුණ්ඨකභාවයෙන් මුදවා ශ්‍රේෂ්ඨ ජාතිය කරන්න පුළුවන් ජනපති රනිල්ට විතරයි – මන්ත්‍රී වජිර

Next Post

ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කොළඹ වරාය නගරයෙන් ආරාධනා

editor ttvnews

editor ttvnews

Next Post
ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කොළඹ වරාය නගරයෙන් ආරාධනා

ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කොළඹ වරාය නගරයෙන් ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved