පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන දෙවැනි දිනය වන අද (2 වැනිදා) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිතය.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.00ට ඇරැඹෙන කාන්තා මීටර් 800 ඉසව්වේ සිව්වැනි තරගය සඳහා තරුෂි සහභාගී වනු ඇත.
තරුෂි මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්නා විට ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයේ පසු වූවාය. අද තරුෂි තරග වදින මූලික වටයේ හයවැනි තරගයේදී ඇයගේ ප්‍රතිවාදීන් වශයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ සිටින ජැමෙයිකානු ක්‍රීඩිකා නටෝයා ගුල්ද, 10 වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ ඇලී විල්සන්ද තරග වැදීමට නියමිතය. එමෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්හි 20 වැනි ස්ථානයේ රැඳී සිටින ස්විට්සර්ලන්තයේ ඕඩ්රි වේරෝ, 21වැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවේ ක්ලෝඩියා හොලින්ග්ස්වර්ත්, ලිතුවේනියාවේ ගබීජා ගැල්වඩයිට්, ඉතාලියේ එලේනා බෙලෝ සහ කෙන්යාවේ ලිලියන් ඔඩීරා තරුෂිගේ අනෙක් ප්‍රතිවාදීන් වනු ඇත.
මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටය සඳහා අරුණ දර්ශන අනිද්දා (4 වැනිදා) තරග බිමට එක් වනු ඇත.