එළඹෙන ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂට ඇති අභියෝගය වන්නේ සීලරතන හාමුදුරුවන්ට වඩා එක ජන්දයක් හෝ වැඩියෙන් ගැනීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රට බෙර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට මිනිස්සු ආදරය කළාට ඒ පවුලටම මිනිස්සු ආදරය නොකරන බවද රණතුංග මහතා කියා සිටියි.
”මහින්ද රාජපක්ෂ මහත්තයට අපි අදටත් ආදරෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියල. එහෙම නම් මව් බිම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තිබෙනවා.
ඒ නිසා තමයි පොහොට්ටුවේ බහුතරයක් පාර්ලිමේන්තුවේ ට වේවා පළාත් සභාවේ වේවා පළාත් පාලන වේවා ඒ හැමෝගෙම බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්නේ.
නාමල්ට අභියෝගය තියෙන්නේ සීලරතන හාමුදුරුවෝ එක්ක.
හාමුදුරුවන්ට වඩා එක ජන්දයක් හරි වැඩියෙන් ගන්න.”
යනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියි.