• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ

29 October 2024
in දේශීය
E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදුරටත් ඔහු මෙලෙස ප්‍රකාශ කළේය.

‘දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය එක්වෙලා දහස් ගණනක ශ්‍රි ලාංකික තරුණ පිරිසකට රැකියා අවස්ථා ලබාදීලා තිබෙනවා. එම රැකියා වලට අමතරව E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇතිවෙලා තිබෙනවා.

2019 වසරේ ඉඳන් මෙම රැකියා ලාංකිකයින්ට ලබාගැනීමට සාකච්ඡා කරලා තිබෙනවා. යම් යම් කරුණු හේතුවෙන් එම සාකච්ඡා නතර වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මාස 5 ක කාලයක් සඳහා පමණයි මේ වීසා ලැබෙන්නේ. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකරලා ගියාට බොහොම සුළු වැටුපක් තමයි ඔවුන්ට ලැබෙන්නේ.

යන ශ්‍රමිකයින් යළි ආපහු ඒමේ සම්භාවිතාව ඉතා අඩුයි. එවිට ඔවුන් කරන්නේ වීසා කාලය ඉකුත්ව ගියත් නීතිවිරෝධීව රැඳි ඉන්න උත්සහ කරනවා. මේ තත්වය හේතුවෙන් ගැටළු ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා කිසිඳු රජයක් මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹිලා නෑ. ඒ වගේම තමයි ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දීලා නෑ. ඒ අනුව කිසියම් අයෙකු මේ රැකියාවලට මුදල් අයකරනවා නම් ඒක නිතිවිරෝධියි’.

කොරියානු රජයට යම් යම් කාලවලට ඇතිවන අවශ්‍යතාවන් මත ශ්‍රමිකයින් ලබාගැනීමට අවශ්‍ය වෙනවා ඇති. E-8 යන වීසා ක්‍රමවේදය තියෙන්නේ කෘෂි කාර්මික හා ගොඩබිම් ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළව. මාස 6ක වගේ අදාළ කාල තුළ දකුණු කොරියාවට ආසන්නයේ තියෙන කාම්බෝජය, චීනය වගේ රටවල් වලින් ගොඩබිම ඔස්සේ ඇවිත් අදාළ රටවලට ආපහු යනවා. ලංකාව වගේ දුර බැහැර රටකට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න ගියාම ප්‍රායෝගික ගැටළු ඇතිවෙනවා. ඒකයි 2019 ඉඳන් සාකච්ඡා කළත් ක්‍රියාත්මක වුනේ නැත්තේ.

2024 අප්‍රේල් 06 දින මෙරට හිටපු අමාත්‍යවරයෙක් තම පුද්ගලික අභිමාතාර්ථ අනුව ඒ රටට ගිහින් වන්දෝ (Wando) කියන පලාතේ ආණ්ඩුකාරවරයාත් සමග ගිවිසුමක් ගහනවා. මේකට එවකට කැබිනට් අනුමැතිය හෝ වෙනත් කිසිඳු අනුමැතියක් අරන් නෑ. අනුමැතියක් නොමැතිව මේ වගේ පුද්ගලික මැදිහත්වීමක් කළාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු වගකීමක් ගන්න බෑ.

මේක සමාජ ගතවෙන්නේ ඇමතිවරයා ගිහින් රැකියා අරන් ආවා. ඒක මේ රජයෙන් නතර කරන්න හදනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට එළඹිලා වන්දෝ (Wando) පළාතේ ආණ්ඩුකාරවරයා රවටලා නොමග යැව්වට දකුණු කොරියානු රජයට මේ ගැන ආරංචිවෙලා අපි සමග සාකච්ඡා කළා මේ ක්‍රමයට ශ්‍රමිකයින් ගෙන්න ගන්න එපා. ඒ අය විසා නොමැතිව රැඳි ඉන්න හදනවා කියලා.

කොරියානු රජයේ යම් ප්‍රමිතියක් තියෙනවා E-9 වීසා යටතේ පසුගිය වසරේ දකුණු කොරියාවට 7500ක් පමණ ගියා, මේ වසරේ මේ වෙනකොට 4000ට අධික ප්‍රමාණයක් ගිහින් ඉන්නවා. මේ වසර අවසාන වෙනකොට 7000ට අධික ප්‍රමාණයක යවන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කණ්ඩායම යන්නේ වසර 4යි මාස 10ක කාලයකට. කෙටි කාලීන විසා ක්‍රමවේදය යටතේ ගිහින් ලංකාවේ අය නීතිවිරෝධිව රැඳි සිටියොත් මේ පිරිසටත් රැකියා අහිමිවීමේ අවධානමක් තියෙනවා කියලා දකුණු කොරියානු රජයෙන් දැනුම්දීමක් කරලා තිබෙනවා.

ඒක නිසා නීත්‍යානුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. අපි මේක නැවත සමාලෝචනය කළ යුතුයි කියන තීරණයේ ඉන්නවා. ඊට තව සුළු කාලයක් යයි. කොරියානු රජය තරහ කරගන්නේ නැතිව අපි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. අපි රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යන්න මුදල් දෙන්න එපා. කිසිම දිරිමත් කිරීමක් කරන්න එපා. කවුරුන් හෝ මේ රැකියා සඳහා මුදල් අය කරන්නේ නම් කරුණාකර අපිව දැනුවත් කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීසා ක්‍රමවේදය නිත්‍යානුකූල ක්‍රමවේදයක් නොවෙයි කියලා සමාජයත් දැනුවත් කරන මෙන ඉල්ලා සිටිනවා.

Post Views: 27
Previous Post

ත්‍රස්තවාදයට අනුබල දුන් මාලදිවයින් ජාතිකයෙක් අල්ලයි

Next Post

‘IMF එක්ක කළ සාකච්ඡා ජනපති රටට හෙළි කළ යුතු යි’- රනිල් වික්‍රමසිංහ

Editor TTV News

Editor TTV News

Next Post
‘IMF එක්ක කළ සාකච්ඡා ජනපති රටට හෙළි කළ යුතු යි’- රනිල් වික්‍රමසිංහ

‘IMF එක්ක කළ සාකච්ඡා ජනපති රටට හෙළි කළ යුතු යි’- රනිල් වික්‍රමසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved