• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රැඳවියන්ට දුරකතන සැපයූවැයි මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්

6 November 2024
in දේශීය
රැඳවියන්ට දුරකතන සැපයූවැයි මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මැගසින් බන්ධනාගාරගත රැඳවූවකුගේ ඥාතියකුට අයත් බව කියන ජංගම දුරකතන අලෙවිසලකින් ජංගම දුරකතන 10ක් ලබා ගෙන ඉන් දුරකතන හයක් අදාළ රැඳවූවාට ලබා දී ඔහුගේ ඥාතීන් සමග ද දුරකතනයෙන් සබඳතා පැවැත්වූ බව කියන මැගසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ හා එහි ගබඩා භාරකාර නියාමකවරයකුගේ සේවය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (නොවැ. 5) සිට අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම් දීමකට අනුව ඔවුන්ගේ සේවය එසේ තහනම් කර ඇත.

පසුගිය දිනක මැගසින් බන්ධනාගාරය තුළ සිදුකළ හදිසි සෝදිසියකදී එහි රඳවා සිටින සැකකරුවන් සඟවා ගෙන තිබූ ජංගම දුරකතන කිහිපයක් බන්ධනාගාර බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ත් එසේ අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකතන පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් එම දුරකතන රාජ්‍ය බුද්ධි සේවාවන් වෙත ලබා දී ඇති බව ද දැන ගැනීමට තිබේ.

එම දුරකතන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවා අතට පත් වූයේ කෙසේ ද? යන්න පිළිබඳව අදාළ බුද්ධි සේවාවන් මගින් දීර්ඝ වශයෙන් විමර්ශනය කර ඇති බව ත් ඉහත සඳහන් ගබඩා පාලක නියාමකවරයා විසින් එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවකුගේ ඥාතියකුට අයත් දුරකතන අලෙවිසලකින් එම දුරකතන ලබා ගෙන ඇති බවට එම බුද්ධි අංශ හෙළි කර ගෙන ඇති බව ද දැන ගැනීමට ඇත.

අදාළ සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් දුරකතනවලින් ඉහත සඳහන් ජේලර්වරයා හා ගබඩා පාලක නියාමකවරයා සැකකාර පුද්ගලයාගේ ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇති බවට එම බුද්ධි අංශ අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව ද දැනගැනීමට තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවන් මගින් ලබා දී තිබෙන තොරතුරු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් එම ජේලර්වරයාගේ හා ගබඩා පාලක නියාමකවරයාගේ සේවය එසේ තහනම් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතාගෙන් ද කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ, ජංගම දුරකතනවලින් සැකකරුවන්ගේ ඥාතීන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට යටත්ව එම නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව ත් බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත් ය.

Post Views: 12
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන 863ක් මොකට ද? ජනපති අනුර අසයි

Next Post

පාස්කු දින ප්‍රහාරය: පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved