පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම සහ මිනීමැරුම ඇතුළු චෝදනා එල්ලවී තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්තිකරුවන් වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝගය කර තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ, ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
අදාළ සිද්ධිය සම්බන්ධ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබුණි.
එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර තිබිණි.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි වන බව ත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණි.
නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ, එම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්ති වාචකය කැඳවීය යුතු බව ය.