එළැඹෙව 11 වැනිසා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයට අදාළ ප්‍රචාරන කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
“අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා නිහඩ කාලය එලෙඹෙනවා 11වැනිදා මධ්‍යම රාත්‍රියෙන්. නිහඩ කාලය තුළ කිසිදු අකාරයක ප්‍රචාරන කටයුත්තක් නොකල යුතුයි. ඒ වගේම සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ප්රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන සහ ආගමික පූජකවරුන් සහ ඔවුන්ගේ ආගමික කටයුතු පිළිබඳ භාවිතා නොකරන්න කියලා. සරල උදාහරණයක් ගත්තොත් පිරිත් නූල් ගැට ගැසීමක් හෝ ආශිර්වාද කරන අවස්ථාවේ ඡායාරූප රැගෙන ඔබගේ පෞද්ගලික ප්‍රචාර සඳහා නොගන්න. එවන් පහත් මට්ටමකට නොවැටිය යුතුයැයි මගේ විශ්වාසය. ”