කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සහබ්දීන් මහතා ඊයේ (නොවැ. 7) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් සිදු කළේ ය.
ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම්සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා මෙලෙස පරීක්ෂණයක් ඉල්ලා ඇත.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා මෙසේ පැවසීය.
“අවුරුදු 5යි මාස 6ක් පුළුවන් තරම් මාව පීඩාවට පත් කළා. හය වන දා නිදහස් වුණේ මම නෙමෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා. මේ වැරැද්ද වෙන කාටවත් සිදු නොවෙන්න මට කරන්න වැඩ කොටසක් තිබෙනවා. මට විරුද්ධව කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මම පැමිණිල්ලක් දැම්මා. මාව අත්අඩංගුවට අරගෙනයි පැමිණිලි සොයාගෙන ගියේ. මට මගේ දරුවන්ට සහ බිරියට විශාල පීඩනයක් එල්ල කළා.”
පෞද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කණගාටු වන බව ත් තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ත් ඔහුට විරුද්ධව එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව පෙරේදා (නොවැ. 6) සහබ්දීන් මහතා ප්‍රකාශ කළේ ය.