සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙක් දුරකථන, වට්ස්ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
එවැනි වංචා කරුවන්හට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙසත්, එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.