මේ මස 14වන දින පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පොළේදී භාවිත කළ හැකි අනන්‍යතා පත්‍ර නවයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අනුව ඡන්ද පොළට යන විට මෙම අනන්‍යතා පත්‍රවලින් එකක් රැගෙන යාම අනිවාර්ය බවත්, එසේ නොමැති වුවහොත් ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බවද මැතිවණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව අපැහැදිලි හැඳුනුම්පත් හෝ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන මගින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත් හෝ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදී නිකුත් කරන කුවිතාන්සි ඡන්ද පොළේදී වලංගු හැඳුනුම්පතක් ලෙස පිළිනොගන්නා බවද පෙන්වා දෙයි.
ඡන්ද පොළේදී පිළිගනු ලබන හැඳුනුම්පත් වන්නේ, ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කරන ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හා ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත පමණි.