• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයි.එම්.එෆ්. සමග සහයෝගයෙන් වැඩ කරන බව ජනපති යළිත් සහතික කරයි

19 November 2024
in දේශීය
අයි.එම්.එෆ්. සමග සහයෝගයෙන් වැඩ කරන බව ජනපති යළිත් සහතික කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි

සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර

IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ෆය් (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය.

තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් තහවුරු කරනු ලැබීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළහ.

IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කළේය.

ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.

පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.

මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබූ අතර, එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කෙරිණි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Post Views: 10
Previous Post

ඇමතිවරු 10ක් අද වැඩ භාර ගනිති

Next Post

බංග්ලාදේශ ජාතිකයන් 8ක් අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
බංග්ලාදේශ ජාතිකයන් 8ක් අල්ලයි

බංග්ලාදේශ ජාතිකයන් 8ක් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved