වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නවා.
වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණන් බලා තිබෙනවා.
පර්චස් 7 බැගින් වෙන් කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවනු ඇති බැවින් ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ.