නාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී වූවේය.
යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති මෙම දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් , ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්හ රජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනයගම් මහතා අමාත්‍යවරුවන් වන බිමල් රත්නායක සහ රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අයගේ ද සහභාගීත්වයෙන් ආරම්භ විය.
මෙහිදී යපනය දිස්ත්‍රීක්යේ ජනතාව මෙන්ම උතුරු පළාතේ ජනතාව විසින් මේ වන විට මුහුණ දෙන ගැටලු පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කරමින් කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදු විය.
ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රීක්කයේ තවත් වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිත බවටද වාර්ථා වෙයි.