පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලැබී ඇති බවත් ඒ අනුව මැතිවරණ කාලසටහන පවා මාධ්‍යවල කථාබහට ලක්වූ බවය.
එසේ තිබිය දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට කථානායකවරයා අපොහොසත් වන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව පසුගිය 27 වනදා නිවේදනය කළේය.