• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයට 15,341ක් අලුතින් ගනී

18 March 2025
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයට 15,341ක් අලුතින් ගනී
0
SHARES
79
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම යැයි කියමින් ගෙවී ගිය සති කිහිපයේදී රාජ්‍ය සේවය සඳහා 15,341ක් අලුතින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ යටතේ මාර්තු 10 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සේවය සඳහා අලුතින් 5882ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත. පෙබරවාරි 19 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සේවය සඳහා අලුතින් 2003ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති අතර පෙබරවාරි 09 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සේවය සඳහා අලුතින් 7456ක් බඳවා ගැනීමට අවසර ලබාදී ඇත.

මෙම බඳවා ගැනීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද නිලධාරි කමිටුවක් මගිනි.
එම කමිටුව පත් කිරීම සඳහා 2024.12.30 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර ඊට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසිනි.

එම කමිටුවේ කාර්ය වන්නේ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමය.
මාර්තු 10 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අලුතින් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදී ඇති පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට 909ක්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට 109ක්, පරිසර අමාත්‍යාංශයට 144ක්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට 2500ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට 22ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට 03ක්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට 20ක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 1615ක්, මධ්‍යම පළාත් සභාවට 72ක් හා ඌව පළාත් සභාවට 303ක් වශයෙන් සඳහන් කර ඇත.

පෙබරවාරි 19 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අලුතින් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදී ඇති පුරප්පාඩු අමාත්‍යාංශ 11ක් හා පළාත් සභා 05 පවතින පුරප්පාඩු වශයෙන් සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පුරප්පාඩු 4987ක් අතුරින් පුරප්පාඩු 2003ක් සඳහා බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන් බවයි.

පෙබරවාරි 09 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අලුතින් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදී ඇති පුරප්පාඩු සංඛ්‍යාව ගැන සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාශයට 3000ක්, ආරක්ෂක අමාාත්‍යාංශයට 09ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට 179ක්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 132ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට 400ක්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට 161ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට 3519ක්, බස්නාහිර පළාත් සභාවට 34ක්, නැගෙනහිර පළාත් සභාවට 05ක් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට 17ක් වශයෙනි.

 

  • අනිද්දා 
Post Views: 85
Previous Post

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමක්

Next Post

අස්වැසුමේ අලුත්ම වෙනස

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුමේ අලුත්ම වෙනස

අස්වැසුමේ අලුත්ම වෙනස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved