ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසික සූදානම සහ ඒකාග්‍රතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලෝක ප්‍රකට මානසික උපදේශක සහ පුහුණුකරු පැඩී අප්ටන් (Paddy Upton) විසින් විශේෂ පුහුණු සැසි කිහිපයක් පවත්වා තිබේ. දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන අප්ටන්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන අතර ඔහු වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම් ඉහළ නැංවීමේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකි.
ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව හොකී, රග්බි සහ මලල ක්‍රීඩා වැනි විවිධ ක්ෂේත්‍රවල ජාත්‍යන්තර කණ්ඩායම් රැසක් සමඟ කටයුතු කර ඇති අප්ටන්, මීට පෙර ඉන්දීය හොකී කණ්ඩායම, එංගලන්ත රග්බි කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ඔලිම්පික් කණ්ඩායම් සඳහා ද සිය සේවය ලබා දී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා මුහුණ දීමේදී පීඩනය පාලනය කරගනිමින් සාර්ථකව දක්ෂතා දැක්වීම උදෙසා මෙම මානසික පුහුණු සැසි අතිශය වැදගත් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.














