සමූපාකාර වෙළෙඳසැල් හරහා මසකට රුපියල් 10,000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා රුපියල් ලක්ෂ තුනක ජීවිත රක්ෂණාවරණයක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. අනුරාධපුරයේ පැවති සමූපාකාර නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාරිභෝගිකයන්ට අමතරව සමූපාකාර සේවකයන් සඳහා ද ජීවිත රක්ෂණයක් සහ තෘප්තිමත් වැටුපක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ඔහු මෙහිදී සඳහන් කළේය. තවද, සමූපාකාර පද්ධතිය තුළ මෙතෙක් සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














