2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ආණ්ඩු පෙරළිය සහ ‘අරගලය’ පිටුපස ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) සෘජු මැදිහත්වීමක් පවතින බවට භූ දේශපාලන විශ්ලේෂක අසංග අබේගුණසේකර මහතා සිය නවතම කෘතිය වන ‘Winds of Change’ හරහා බරපතල චෝදනාවක් එල්ල කරයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියැවුණු මෙම කෘතිය මඟින් පෙන්වා දෙන්නේ රාජපක්ෂ පාලනය පෙරළා දැමීම ඇමෙරිකානු ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් බවත් තමන් බලයට පත්වූ දා සිටම ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් තමා පසුපස සිටි බවට හිටපු ජනාධිපතිවරයා තහවුරු කර ඇති බවත්ය. මීට අමතරව පාස්කු ප්‍රහාරයට පෙර ඉන්දියාව සිදු කළ බලපෑම් සහ අරගලය හමුවේ කලාපීය බලවතුන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙම කෘතිය මඟින් අතිශය පිපිරෙනසුලු තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.













