මාලිගාවත්ත වකුගඩු රෝහලේ විමර්ශන වාර්තාවක නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීමත් සමඟ, හෙට (09) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රජයේ රේඩියෝ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය (GRTA) තීරණය කර ඇත.
අදාළ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කිරීම මෙම තීරණයට හේතු වී තිබේ. මූලික පරීක්ෂණ වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම බලධාරීන් විසින් ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වර්ජනය කැඳවා තිබුණි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ඔහුගේ මැදිහත් වීම මත මෙම ලිඛිත නියෝගය ලබා දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව හෙට දිනයේ රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.














