ලබන සතියේ ආරම්භ වීමට නියමිත රමසාන් උපවාස සමය වෙනුවෙන් කුවේට් රජය විසින් ශ්‍රී ලංකාවට තල් (Dates) ටොන් 25ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. කොළඹ පිහිටි කුවේට් තානාපති කාර්යාලය විසින් ඊයේ (08) විශේෂ රමසාන් වැඩසටහනක් යටතේ මෙම තල් පලතුරු තොගය මෙරට මුස්ලිම් සංවිධාන 16ක් වෙත බෙදා දීම ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකාවේ සහ කුවේට් රාජ්‍යයේ ලියාපදිංචි පුණ්‍යායතන 16ක් හරහා දිවයින පුරා සිටින අවශ්‍යතා සහිත ජනතාව වෙත මෙම තල් පලතුරු බෙදා දීමට නියමිතය. කුවේට් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති අබ්දුල්ලා අල් මුහන්නාස් (Abdullah Al Muhannaz) මහතා සහ නිලධාරීන් පිරිසක් විසින් මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය අල් හිමා සංවිධානයේ අධ්‍යක්ෂ අස්-ෂෙයික් නූර් උල්ලා මවුලවි සහ මවුලවි එම්. ඉෂාක් යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වේ.














