මෙරට නගර සංවර්ධනය නව මානයකට ගෙන ඒම වෙනුවෙන් රජය විසින් හඳුන්වා දෙනු ලබන “CITY PLAN” ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නගර 10ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය (UDA) හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් නගරවල යටිතල පහසුකම්, මාර්ග පද්ධති, මහල් නිවාස සහ වාණිජ කලාප නිසි කළමනාකරණයකට අනුව නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා රථවාහන තදබදය අවම කිරීම, ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් පහසුවෙන් ලබා දීම මෙන්ම ආයෝජන සහ සංචාරක ආකර්ෂණය දිනා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ. මෙහි එක් පියවරක් ලෙස හැටන් නගරය සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්විණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














