ලබන පෙබරවාරි 15 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර උණුසුම් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට ආරම්භ වන මෙම තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 3.00 සිට විවෘත කිරීමට නියමිතය. පවතින දැඩි ආරක්ෂක පරීක්ෂාවන් සහ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සඳහා තරගය ආරම්භ වීමට අවම වශයෙන් පැය 4කටවත් පෙර ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම මෙම තරගය නැරඹීම සඳහා දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන කළමනාකරණ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වනු ඇත. ප්‍රේක්ෂකයින්ට පීඩාවකින් තොරව ක්‍රීඩාංගණයට ඇතුළු වීමට නම් වේලාසනින් පැමිණීම අත්‍යවශ්‍ය බව පොලිසිය අවධාරණය කරයි.














