ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන මිත්‍රපාල ලංකේශ්වර මහතා (රත්න මුදලාලි), තමන් සතු ගුවන් සේවා ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් තවත් නව ගුවන් යානයක් මිලදී ගැනීම සඳහා හෙට (17) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. ලෝක ප්‍රසිද්ධ රොබින්සන් හෙලිකොප්ටර් (Robinson Helicopter) සමාගම නිෂ්පාදනය කරන ලද නවීන යානයක් මිලදී ගැනීමේ අවසන් අදියරේ සාකච්ඡා සඳහා තමන් මෙලෙස විදේශගත වන බව ඒ මහතා තහවුරු කර තිබේ.
ලංකේශ්වර මහතා දැනටමත් ශ්‍රී ලංකාව තුළ වාණිජ මෙහෙයුම් සඳහා ‘Robinson R66 Turbine’ වර්ගයේ හෙලිකොප්ටරයක් භාවිත කරනු ලබන අතර, සිය ව්‍යාපාරික කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත කිරීමට ඔහු සැලසුම් කරමින් සිටී. මේ වසරේ මුලදී සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට ද සහභාගී වූ ඔහු, එහිදී නව අවස්ථා පිළිබඳව ගවේෂණයක නිරත විය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බෙල් හෙලිකොප්ටර් නියෝජිත ආයතනය වන ‘සෙලෝන් එයරොනොටිකල් සර්විසස්’ (CAS) ආයතනය මෙම ගනුදෙනුව සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.














