මෙරට ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීමේදී වී අලෙවි මණ්ඩලය (PMB) අනුගමනය කළ යුතු අවම සහතික මිල ගණන් රජය විසින් අද (16) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකටත් රජය විසින් මිලදී ගනු ඇත. මීට අමතරව කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140ක අවම සහතික මිලක් නියම කර තිබේ. මෙම නව මිල ගණන් හරහා වී අස්වනු නෙළන කාලසීමාවේදී ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














