ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් නිශ්චිත කාණ්ඩ යටතේ නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සුරාබදු ආඥා පනතට සහ නෛතික විධිවිධානවලට අනුකූලව, සංචාරක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන අවස්ථාවලදී පමණක් මෙම බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අනුමැතිය ලත් හෝටල් (FL 7/8), ආපනශාලා (FL 11), බියර් සහ වයින් අලෙවි කිරීමේ විශේෂ බලපත්‍ර (FL 22B) මෙන්ම බුටික් විලා (Boutique Villa) සහ උත්සව සඳහා ලබාදෙන තාවකාලික බලපත්‍ර (FL 14) මේ යටතේ නිකුත් කෙරෙනු ඇත.
මෙම ක්‍රියාවලිය හරහා සංචාරක කර්මාන්තයට දායක වන ආයතන ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් පෙරේරා මහතා සඳහන් කළේය. වැඩිදුර තොරතුරු අවශ්‍ය අයදුම්කරුවන්ට 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ රාජගිරිය පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානය සම්බන්ධ කරගත හැකිය.
















