වැල්ලම්පිටිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් අනුවය. අදාළ සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැල්ලම්පිටිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
එමෙන්ම මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 900ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සමිත්පුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.














