AI ක්ෂේත්‍රයේ “පියා” (Godfather) ලෙස සැලකෙන ටියුරින් සම්මානලාභී මහාචාර්ය යෝෂුවා බෙන්ගියෝ (Yoshua Bengio) පවසන්නේ, දිනෙන් දින දියුණු වන AI මාදිලි හුදෙක් ඉංජිනේරුවන්ට සහාය වීමට වඩා ඔවුන් වෙනුවට සෘජුවම ආදේශ වීමේ (Substitute) ප්‍රවණතාවක් පවතින බවයි. නව දිල්ලියේ පැවති AI Impact සමුළුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මෙය ඉන්දියාව වැනි තොරතුරු තාක්ෂණ අපනයන මත යැපෙන ආර්ථිකයන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
ඇමරිකාවේ Anthropic සමාගම සිය නවතම Claude මාදිලිය එළිදැක්වීමත් සමඟ ඉන්දියාවේ ප්‍රබල තොරතුරු තාක්ෂණ සමාගම් වන Infosys, TCS, HCLTech වැනි සමාගම්වල කොටස් අගය 6%කින් පමණ පහත වැටුණි. යන්ත්‍රයක් මඟින් මිනිස් ශ්‍රමයට වඩා අඩු පිරිවැයකින් එකම කාර්යය (විශේෂයෙන්ම පරිගණක ක්‍රමලේඛනය – Programming) කළ හැකි නම්, මිනිස් ශ්‍රමයේ අගය අඩුවීම වැළැක්විය නොහැකි බව බෙන්ගියෝ මහතා පවසයි.
ඉන්දියාව සිය සම්පත් සීමිත බැවින් කුඩා AI මාදිලි (Small Models) නිෂ්පාදනයට පමණක් අවධානය යොමු කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව බෙන්ගියෝ මහතා ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ විශාල AI මාදිලි (Large Models) සමඟ තරඟ නොකිරීම “ලොකු වැරද්දක්” බවයි. කුඩා මාදිලි ප්‍රාදේශීය භාෂාවලට උචිත වුවත්, ඒවායේ බුද්ධිමය මට්ටම විශාල මාදිලිවලට වඩා අඩු බැවින් මිනිසුන් අවසානයේ වඩාත් දක්ෂ වෘත්තීය මෙවලම් (Professional Tools) තෝරාගනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දියාව සිය “IndiaAI Mission” හරහා රුපියල් කෝටි 10,372ක අයවැයක් වෙන් කරමින් මහා පරිමාණ AI මාදිලි 8ක් සහ කුඩා මාදිලි 4ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. ගෝලීය දකුණේ (Global South) රටක පැවැත්වූ ප්‍රථම AI සමුළුව ලෙස මෙවර ඉන්දීය සමුළුව සුවිශේෂී වැදගත්කමක් උසුලන බව ද හෙතෙම සඳහන් කළේය.














