ලොව ප්‍රකට වීඩියෝ ක්‍රීඩා සමාගමක් වන Electronic Arts (EA) හි සේවාදායක (Servers) බිඳ වැටීමක් හේතුවෙන් දහස් සංඛ්‍යාත ක්‍රීඩකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම ‘EA FC’ සහ එහි ‘Ultimate Team’ විශේෂාංගය භාවිතා කරන පිරිස් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය විරෝධය පළ කරමින් සිටිති. Downdetector දත්ත වාර්තා අනුව මේ වන විට පරිශීලකයින් 2,000කට අධික පිරිසක් සේවාදායක සම්බන්ධතාවල පවතින ගැටලු පිළිබඳව පැමිණිලි කර ඇත.
සතිපතා හිමිවන ‘Rivals’ ප්‍රසාද දීමනා ලබාගැනීමට පැය කිහිපයක් තිබියදී මෙම ඇණහිටීම සිදුවීම නිසා ක්‍රීඩකයින් වඩාත් කෝපයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ක්‍රීඩකයින් සඳහන් කරන්නේ තමන් තරගවල ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටියදී සේවාදායකයෙන් විසන්ධි වීම නිසා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි. ඇතැම් ක්‍රීඩකයින් X (පැරණි ට්විටර්) වෙබ් අඩවිය ඔස්සේ පවසා ඇත්තේ මෙය හිතාමතාම සිදු කළ දෙයක් බවට තමන් සැක කරන බවයි.
EA සමාගම විසින් මෙම බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














