කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ සහ පඬුවස්නුවර විවිධ සේවා සමූපාකාර සමිතිවල මහ සභා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (22) පැවති නිලවරණවලින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.
මහ සභා නියෝජිතයින් 100ක් තෝරා ගැනීම සඳහා පැවති මෙම මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයින් 60 දෙනෙකු දිනා ගනිමින් 60% ක බහුතරයක් ලබා ගත්තේය. ජාතික ජන බලවේගයට හිමි වූයේ නියෝජිතයින් 40 දෙනෙකු පමණි.
මෙහිදී ද ඒකාබද්ධ විපක්ෂය 84% ක ඉහළ නියෝජිත ප්‍රතිශතයක් දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ප්‍රාදේශික 52ක් වෙනුවෙන් මහ සභා නියෝජිතයින් 100ක් තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයට නියෝජිතයින් 84ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයට හිමි වූයේ නියෝජිතයින් 16ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමඟ සමූපාකාර සමිති දෙකෙහිම ඉදිරි පාලන අධිකාරිය පත් කර ගැනීමේ බලය විපක්ෂය සතු වී තිබේ.














