ඇමරිකානු FBI අධ්‍යක්ෂ කාශ් පටෙල් ශීත ඍතු ඔලිම්පික් උළෙල නැරඹීමට ඉතාලිය බලා යාම සඳහා FBI ආයතනයට අයත් නිල ජෙට් යානයක් (FBI jet) භාවිතා කිරීම සහ එහිදී ක්‍රීඩකයින් සමඟ ජයග්‍රහණය සැමරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටී.
කාශ් පටෙල් සිය සංචාරය සඳහා රජයේ වියදමින් FBI ජෙට් යානයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී තිබේ. ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක වැදගත් සිදුවීම් රැසක් වාර්තා වෙමින් පවතින අවස්ථාවක, ඔහු ඉතාලියේ රැඳී සිටිමින් හොකී තරඟ නැරඹීමට කාලය මිඩංගු කිරීම සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනය කර ඇත.
ඇමරිකානු පිරිමි හොකී කණ්ඩායම ස්ලොවැකියාව සමඟ පැවති අවසන් පූර්ව තරඟයේදී සහ පසුව පැවති අවසන් තරඟයේදී ඔවුන්ව දිරිමත් කිරීමට ඔහු එක්ව සිටියේය. කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු ඔහු ක්‍රීඩකයන්ගේ ඇඳුම් මාරු කරන කාමරයට (locker room) ගොස් ක්‍රීඩක ඩිලන් ලාර්කින් (Dylan Larkin) සමඟ සතුට සමරන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වේ.
පවතින විවේචන නොතකා, ඔහු සිය X ගිණුමේ ඡායාරූප කිහිපයක් පළ කරමින් කණ්ඩායමේ පුහුණුකරු මයික් සුලිවන් (Mike Sullivan) සමඟ සිටින අයුරු පෙන්වා දී තිබේ. එහිදී ඔහු සඳහන් කළේ “Unity, Sacrifice, Attitude” (එකමුතුකම, කැපවීම සහ ආකල්ප) ලෝකයේ හොඳම දේ වීමට අවශ්‍ය බවයි. ලොව ශ්‍රේෂ්ඨතම රට නියෝජනය කිරීම පිළිබඳව ඔහු එහිදී ක්‍රීඩකයින්ට සුබ පතා තිබුණි.














