මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (24) පැවති තීරණාත්මක විස්සයි-20 ලෝක කුසලාන සුපිරි 8 වටයේ තරගයෙන් පාකිස්ථානය කඩුලු 1කින් පරදා තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය 2026 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම් අතරට එක් විය. පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 164ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.1කදී කඩුලු 9ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එංගලන්ත ඉනිම තනිවම කරට ගත් නායක හැරී බෘක් ලකුණු 100ක් රැස් කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.














