පිටකොටුව වෙළෙඳ සංකීර්ණය තුළදී බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට සහ පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවන් 12 දෙනෙකු ලබන මාර්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (25) නියෝග කළේය.
සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මීට අදාළ සිද්ධිය වාර්තා වන්නේ පිටකොටුව ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදීය. එහිදී පිටකොටුවේ වෙළඳාම් කරන පිරිසක් එක්ව එම නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 12 දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














