මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින්, ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල අතිරේක උපායමාර්ගික ස්ථාන අත්පත් කර ගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍යවරයා අද (03) සිය හමුදාවට නිල වශයෙන් අවසර ලබා දුන්නේය. ඊශ්‍රායලයේ උතුරු දේශසීමා ජනාවාස වෙත එල්ල වන රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර වැළැක්වීම සඳහා මෙම “ඉදිරි ආරක්ෂක මෙහෙයුම” (Forward Defense) අත්‍යවශ්‍ය බව ඊශ්‍රායල රජය අවධාරණය කරයි. ඒ අනුව, ඊශ්‍රායලයේ 91 වැනි සේනාංකය දැනටමත් ලිටානි ගංගාවෙන් දකුණු දෙසට සිය මෙහෙයුම් ව්‍යාප්ත කරමින් සිටින බව වාර්තා වේ.
මෙම තීරණයත් සමඟ ලෙබනන හමුදාව සිය පෙරමුණේ මුරපොළවල් කිහිපයකින් පසුබැස ඇති අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව බීරූට් සහ ටෙහෙරාන් නුවර ඉලක්ක වෙත එකවර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. හිස්බුල්ලා සංවිධානය විසින් ඉරානයට සහය දැක්වීම සඳහා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම දැවැන්ත හමුදා ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, මෙය කලාපීය මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර විචාරකයෝ අනතුරු අඟවති. මේ වන විටත් දකුණු ලෙබනනයේ දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සිය නිවාස අතහැර පලා යමින් සිටින අතර ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.














