ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධයේ සිව්වන දිනය අද (මාර්තු 03) සනිටුහන් වන විට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති අපනයන මධ්‍යස්ථානයක් වන ෆුජයිරා හි තෙල් ගබඩා සංකීර්ණයක හදිසි ගින්නක් හටගෙන තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානයක් අහසේදීම විනාශ කිරීමේදී එහි සුන්බුන් තෙල් ගබඩාව මතට පතිත වීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් බලධාරීන් තහවුරු කළේ අද උදෑසන ෆුජයිරා තෙල් ගබඩා කිරීමේ සහ වෙළඳාම් කිරීමේ කලාපය තුළ මෙම ගින්න හටගත් බවයි. ෆුජයිරා පිරිපහදුව දෙසින් අහසට නැගෙන කළු දුමාරය දැක්වෙන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. කෙසේ වෙතත්, බලධාරීන් පවසන්නේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, එම ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවත්ය. වාසනාවකට මෙන් මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
මැදපෙරදිග කලාපයේ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර ඉරානය එල්ල කරන මෙම ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.














