මාර්තු මාසය සඳහා ද ලිට්‍රෝ ගෑස් (Litro Gas) මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම අද (05) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව, පසුගිය පෙබරවාරි මාසයේ පැවති මිල ගණන් යටතේම මෙම මාසය පුරා ද පාරිභෝගිකයන්ට ගෑස් මිලදී ගත හැකි බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල උච්චාවචනය වුවද, මෙරට පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වර්තමානයේ පවතින ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත පරිදි වේ:
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය – රුපියල් 3,690
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය – රුපියල් 1,482
කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය – රුපියල් 694














