මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝක තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති පසුබිමක, ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද (13) පෙරවරුවේ යම් පහළ යාමක් පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් ගෝලීය අර්බුද පවතින අවස්ථාවලදී රත්‍රන් සඳහා පවතින ඉල්ලුම ඉහළ ගියද, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හමුවේ ඩොලරයේ අගය ශක්තිමත් වීම රත්‍රන් මිල මෙලෙස පහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ආයෝජකයින් පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ ද්‍රවශීලතාව පවත්වා ගැනීම සඳහා තම රන් සංචිත අලෙවි කිරීමට පෙළඹීම ද මෙම මිල උච්චාවචනයට තාවකාලිකව බලපා ඇති අතර, එය ඉදිරි දිනවලදී මෙරට දේශීය රන් වෙළෙඳපොළ කෙරෙහි ද යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














