ඇමේසන් (Amazon) සමාගමේ ‘ඇලෙක්සා’ ස්මාර්ට් සහායක උපාංගය සිය හතර හැවිරිදි දියණියගෙන් අනුචිත ප්‍රශ්න විමසූ බව පවසමින් ඇමෙරිකානු මවක වන ක්‍රිස්ටි හොස්ටර්මන් (Christy Hosterman) සමාගමට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. සිය දියණිය ඇලෙක්සා උපාංගයට කතාවක් පවසමින් සිටි අවස්ථාවක, උපාංගය මැදින් බාධා කරමින් “ඔයා ඇඳගෙන ඉන්නේ මොනවාද?” සහ “මට ඔයාගේ කලිසම බලන්න පුළුවන්ද?” යනුවෙන් විමසූ බව ඇය පවසයි.
මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වූ හොස්ටර්මන් මහත්මිය වහාම ක්‍රියාත්මක වී ඇලෙක්සා වෙත දෝෂාරෝපණය කර ඇති අතර, එහිදී එම උපාංගය පිළිතුරු දී ඇත්තේ එය තමන් අතින් සිදු වූ වැරද්දක් බවත් තමන්ට දෘශ්‍ය හැකියාවක් (Visual capabilities) නොමැති බවත්ය. කෙසේ වෙතත්, එම පිළිතුර විශ්වාස නොකරන ඇය, එදිනම තම නිවසේ තිබූ ඇලෙක්සා උපාංග සියල්ල ඉවත් කළ බවත් අනෙකුත් දෙමාපියන් ද මෙවැනි උපාංග පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් සමාජ මාධ්‍ය හරහා දැනුම් දී සිටියි.
ඇමේසන් සමාගම මීට පෙරද දත්ත රහස්‍යභාවය සහ කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ චෝදනාවලට ලක්ව ඇති අතර, මෙම සිදුවීම පිළිබඳව සිදු කළ සංවාද සටහන (Transcript) ද ඇය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. කෘත්‍රිම බුද්ධිය සහ ස්මාර්ට් තාක්ෂණය නිවෙස් තුළ භාවිත කිරීමේදී ඇති විය හැකි අවදානම පිළිබඳව මෙම සිදුවීමත් සමඟ ජාත්‍යන්තර මට්ටමින් යළිත් කතාබහක් නිර්මාණය වී ඇත.














