ලොව පුරා අතිශය ජනප්‍රිය K-pop සංගීත කණ්ඩායමක් වන ENHYPEN හි ප්‍රධාන ගායක හීසූන් (Heeseung) හදිසියේම කණ්ඩායමෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟ ඔවුන්ගේ සතිපතා විනෝදාත්මක වැඩසටහන වන ‘EN-O’ CLOCK’ තාවකාලිකව නතර කිරීමට BELIFT LAB ආයතනය පියවර ගෙන තිබේ. හීසූන් සිය ඒකල (Solo) සංගීත ගමනක් ආරම්භ කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව මාර්තු 10 වනදා නිල වශයෙන් නිවේදනය කෙරිණි.
මෙම හදිසි නික්මයාමත් සමඟ රසිකයන් (ENGENE) දැඩි කම්පනයට පත්ව ඇති අතර, කණ්ඩායමේ සෙසු සාමාජිකයන් හයදෙනා සමාජ මාධ්‍ය හරහා රසිකයන් අමතමින් පවසා සිටියේ හීසූන්ගේ තීරණයට තමන් ගරු කරන බවයි. හීසූන් ද රසිකයන් වෙත අතින් ලියන ලද ලිපියක් යොමු කරමින් පවසා සිටියේ, වසර හයක සුන්දර මතකයන් සමඟින් නව ගමනක් ආරම්භ කිරීමට තමන් තීරණය කළ බවත්, ඉදිරියේදී වඩාත් සාර්ථක නිර්මාණ සමඟින් රසිකයන් හමුවට එන බවත්ය.
කෙසේ වෙතත්, හීසූන් නොමැතිව කණ්ඩායම පවත්වාගෙන යාමට එරෙහිව රසිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. ඔහු කණ්ඩායමේ ප්‍රධාන ගායන ශක්තිය මෙන්ම ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වන බැවින්, ඔහු යළි කණ්ඩායමට එක් කරගන්නා ලෙස ඉල්ලමින් විරෝධතා පවා සංවිධානය වෙමින් පවතී. පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව නතර කළ ‘EN-O’ CLOCK’ වැඩසටහන වඩාත් නව්‍යකරණය වූ අන්තර්ගතයන් සමඟ ලබන අප්‍රේල් මාසයේදී යළි ආරම්භ කරන බව නිෂ්පාදන කණ්ඩායම සහතික වී තිබේ.














