බටහිර ඉරාකයේදී සිදුවූ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker වර්ගයේ ඉන්ධන පිරවුම් යානා අනතුරින් එහි ගමන් කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු මධ්‍යම විධානය (US CENTCOM) තහවුරු කරයි. මීට පෙර සිව්දෙනෙකු මියගිය බවට වාර්තා පළ වුවද, යානයේ සිටි සියලුම සාමාජිකයින් මියගොස් ඇති බව නවතම වාර්තා මගින් තහවුරු කර ඇත.
ඊයේ දින මිත්‍ර පාක්ෂික ගුවන් සීමාවක් තුළ පියාසර කරමින් තිබියදී මෙම යානය අනතුරට ලක්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාක්ෂික හමුදාවල වැරදි වෙඩි තැබීමක් (Friendly fire) හේතුවෙන් සිදු වූවක් නොවන බව අමෙරිකානු මධ්‍යම විධානය අවධාරණය කරයි. මියගිය සෙබළුන්ගේ අනන්‍යතාවයන් ඔවුන්ගේ ළඟම ඥාතීන් දැනුවත් කිරීමෙන් පැය 24කට පසුව ප්‍රසිද්ධ කිරීමට නියමිතය.














