ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) යන සමාජ මාධ්‍ය ජාලයන්හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම සිය සේවක මණ්ඩලයෙන් 20%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීම නිසා ආයතනික වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.
පසුගිය වසර අවසන් වන විට මෙටා සමාගම සතුව සේවකයින් 79,000ක් පමණ සේවය කළ අතර මෙම නව තීරණය ක්‍රියාත්මක වුවහොත් දළ වශයෙන් 16,000කට ආසන්න පිරිසකට සිය රැකියා අහිමි වනු ඇත. මීට පෙර 2026 ජනවාරි මාසයේදී ද සමාගමේ ‘Reality Labs’ අංශයේ සේවකයින් 1,000ක් පමණ ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. කෘත්‍රිම බුද්ධිය මගින් වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ස්වයංක්‍රීයව සිදුකිරීමට හැකි වීම නිසා මෙලෙස සේවක මණ්ඩලය සීමා කිරීමට මාර්ක් සකර්බර්ග් ප්‍රමුඛ පාලනාධිකාරිය තීරණය කර ඇති බව පෙනී යයි.

















