ලෝකයේ සිදුවන විවිධ විශේෂ සිදුවීම් පිළිබඳව කල්තියා අනාවැකි පළ කරන බවට ප්‍රසිද්ධියක් උසුලන ‘ද සිම්ප්සන්ස්’ (The Simpsons) කාටූන් මාලාව මගින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 මාර්තු 14 වනදා එනම් අද දින මියයන බවට අනාවැකියක් පළ කර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සහ ඡායාරූප පෙළක් වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද එකක් බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම ප්‍රචාරණ සඳහා යොදාගෙන ඇති හෝමර් සහ ලීසා සිම්ප්සන් රූපවාහිනිය දෙස බලා සිටින ඡායාරූපය ඩිජිටල් තාක්ෂණය හෝ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සකස් කරන ලද ව්‍යාජ එකක් බව විමර්ශනවලදී හෙළි වී ඇත.
‘ද සිම්ප්සන්ස්’ කාටූන් මාලාවේ කිසිදු කථාංගයක ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 මාර්තු 14 දින මියයන බවට සඳහන් වී නොමැති අතර මීට පෙර ද විවිධ වසරවල් ඉලක්ක කරගනිමින් මෙවැනි ව්‍යාජ පුවත් ප්‍රචාරය කර තිබුණි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය කළමනාකරණය කරමින් රාජකාරි කටයුතුවල නිරතව සිටී. මීට පෙර මෙම කාටූන් මාලාව මගින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳ නිවැරදි අනාවැකියක් පළ කර තිබූ නිසා මෙවැනි ව්‍යාජ පුවත් කෙරෙහි ජනතාව පහසුවෙන් නොමඟ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් මෙවැනි සංවේදී පුවත් බෙදා ගැනීමට පෙර එහි සත්‍යතාව තහවුරු කර ගැනීම ඉතා වැදගත් වේ.














