කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ගිනිඅවි සහ පතොරම් තබාගෙන සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (මාර්තු 13) උදෑසන කාලයේදී ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ බෝර 12 ගිනිඅවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරම් 15ක්, රයිෆල් පතොරම් 02ක්, මැගසිනයක් සහ මිලිමීටර් 7.62 වර්ගයේ ජීව පතොරම් 50ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙම ගිනිඅවි තබාගෙන සිටි අරමුණ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.














