ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි උතුරු ඊශ්‍රායලයේ සාක්නින් (Sakhnin) නගරයේ වෙසෙන 36,000කට අධික අරාබි වැසියෝ (මුස්ලිම් සහ ක්‍රිස්තියානි), තමන්ට ප්‍රමාණවත් බෝම්බ ආරක්ෂක කුටි (Public Shelters) නොමැති වීම පිළිබඳව රජයට සිය විරෝධය පළ කරති. ඉරානය සහ හෙස්බොල්ලා සංවිධානය එල්ල කරන රොකට් ප්‍රහාර හමුවේ නිරන්තරයෙන් සිරෙන් නාද ඇසෙන මෙම නගරයේ වැසියන් පවසන්නේ පවතින කුටි ද ඉතා අබලන් මට්ටමක පවතින බවයි.
මුළු ජනගහනයටම ආරක්ෂිත ස්ථාන ලබා දීමට රජය බැඳී සිටියද තමන්ගේ නගරයට එවැනි නිසි පහසුකම් සහිත එකදු පොදු ආරක්ෂක කුටියක් හෝ නොමැති බව නගරාධිපති මාසන් ඝානායම් (Mazen Ghanayem) පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවලදී රොකට් කැබලි නිවාස මතට පවා පතිත වන බවත්, ආරක්ෂිත ස්ථාන නොමැති වීම නිසා ජනතාව දැඩි මරණ බියකින් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හෙස්බොල්ලා සංවිධානය ද මෙම යුද්ධයට සෘජුව මැදිහත් වීම නිසා දේශසීමා ආසන්නයේ වෙසෙන මෙම වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.














