පවතින ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ලංකා IOC සමාගම පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. රගු මහතා මේ බව තහවුරු කළේය. රටේ ප්‍රගතිය වෙනුවෙන් ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බව හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියේය.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් ඉතා යහපත් නොවන බව පිළිගන්නා අතරම, දේශීය ඉන්ධන සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය සහ තම සමාගම උපරිම උත්සාහයක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද, රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට ලංකා IOC සමාගම කැපවී සිටින බව මෙම ප්‍රකාශය හරහා යළිත් තහවුරු කර තිබේ.














