මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ නිර්මාණය වී ඇති ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ, අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව නොමඟ යවන පිරිස්වලට එරෙහිව පොලිසිය මගින් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරයි. අද (15) දින විශේෂ ප්‍රකාශයක් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, පවතින සාමකාමී තත්ත්වය බිඳ දැමීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව පැකිළීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වර්තමාන තත්ත්වය 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයට වඩා හාත්පසින්ම වෙනස් බවයි. 2022දී මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් නොතිබුණද, වර්තමානයේ පවතින්නේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන නිෂ්පාදනයට සහ නාවික ගමනාගමනයට එල්ල වී ඇති ගෝලීය බාධාවන් නිසා පැන නැගී ඇති තත්ත්වයක් බව ඔහු පැහැදිලි කළේය. එබැවින්, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත්, රජය හඳුන්වා දී ඇති QR කේත ක්‍රමවේදයට අනුගත වෙමින් ඉන්ධන පරිභෝජනය සීමා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මූලාශ්‍රයක් තහවුරු කළ නොහැකි පුවත් විශ්වාස කර කලබලයට පත් නොවන ලෙසත්, රජය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කරන නිල තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.














